කාන්සිය එක්ක ගුලිවුන හැන්දෑවක

ඉගිමරන ඇස් වලින් සලෙලකම් කරනු දැක

මේ කන්දත් ඇස් පියාගත්තා..



හීතල දිය කඩිති මැදින්

අපි අපේම අත් වාරුවෙන් බොහෝ දුර වන්දනාවේ ගියා

මල් කිනිති එක මිටට එකතු කරගෙන

දෝතින්ම අහසට විසිකලා



මුලදි අල්ලගත් සමහර අත්

මගකදි විසිවුනා 

ඒ දිහා බලන්

දුර ඈත නබෝ ගැබ

කදුසිරස මතට වී හැඩුවා..


ආදරෙන් පිරුණු මතක ගොඩක්

එක්ක ඒ කන්දත් ඇස් පියා ගත්තා..!


#Hima