නුවර ප්‍රේමය


නුවර ප්‍රේමය 

මට නුහුරු වුනාට 

මමත් ආසයි රොබරෝසියන් අතුරපු පාරක

ඔහේ ඇවිදින්න 

මන්දාරමෙන් මුළු නුවරම වැහෙනකන්

වැව රවුම දිහා බලන් ඉන්න 

කුවින්ස් හෝටලේ ලග මතක සිත්තම් පුරෝගන්න

ඉමක් කොනක් නැති මුළු නුවරම

ඇවිදින්න

අයිතියක් නැති නුවරම

සින්නක්කරේට ලියාගන්න 

නුවර කියන්නෙම

මට නම් ප්‍රේමයක්..!!


#Hima