අප්‍රකාශිත ප්‍රේමය


අප්‍රකාශිත ප්‍රේමය තුල ඇති

"ප්‍රේමණීය හිස් බව" ගැන

දුයිශෙන් තරම් දන්න

වෙන කෙනෙක් නැතුව ඇති..


ප්‍රේමය තිබුනේම

සෙනෙහසින් දරාගත්

වගකීම් කන්දක බව..

පොප්ලර් ගස් තරම් දන්න

වෙන කෙනෙක් නැතුව ඇති..


එහෙව් ප්‍රේමයක් ලබන්නට

නුඹ හරිම වාසනාවන්තයි..

නමුත් අල්තිනායි..

"හමුවීම් සියල්ල

එක්වීම් නොවන බව"

නුඹත් දැනගත යුතුමයි..


#Hima