මැයි මාර හඩවලා


ගවරවෙල කන්දත් දන්නව ඇති
ආදරේ ගැන අමුතුම කතා...

ඒ මැයි මල් ඇත්තටම පිපින නං
කොච්චර නම් ලස්සනද...

ඒ අඩිපාර දිගේ 
හැංගුන මතක 
කොච්චර නම් ඇතිද

තුත්තිරි මල් මිටක
කෝපිකුඩු සුවද මුහුවුන 
අදරණීය මතක හවස් 
කොච්චර නම් තියෙන්න ඇතිද...

" ලස්සන මතක ගොඩක් දුන්න
ආදරේ සමිධලා...
තනිවුනා හැමදාම ආදරේ නොලබලා..

ඇත්තටම ආදරේ හිත් ඇතුලෙ හංගලා
බලන් හිටියා මැයිමාර
ලෝකයක් හඩවලා..."

ඇත්තටම ඒකපාර්ශ්වික ප්‍රේමය 
කියන්නෙම 
මල් නැති මැයි මාර ගහක්...!

#Hima