වස්සානයේ සුළි සුළං 


හැකිද නිම කර දමන්නට 

මේ ගෙවෙන අමුතුම දවස්

වරක් හෝ පැමිණ තෙමන්නට සිත්

දැවෙන තැවෙනා සිතුවිලිත්….


හැකියි නුඹහට රැගෙන එන්නට

ඒ කියන සොදුරුම දවස්

ඉතින් හිතවත හිදිමි මෙලෙසම

රැගෙන එනතුරු ජීවිතේ මිහිරිම හවස්….


ඉතින් කාලය නුඹත් පුදුමය

ගෙවා දැමුහැටි මේ වයස්

නැතිද ඇරැයුම් වසන්තය වෙත

හමන්නට වස්සානයේ ඒ සුළි සුළං….෴



#Hima🤍🫀🌻🌿